ආණ්ඩුවේ දේශපාලන කසල ශෝධක ඇමතිවරයා වන විමල් වීරවංස තමන් විසින්ම මිලියන 600ක ලංසුවක් ඉදිරිපත් කලද ඒකාධිපති පාලනය පෙරලා දැමීමට පෙළගැසී සිටින ලක්ෂ සංඛ්‍යාත ජනතාවට ඔහුව තඹයක වටිනාකමක් නැතැයි මෛති‍්‍රපාල සිරිසේන මහතාට සහයෝගය දීමට තීරණය කර ඇති ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙක් පවසයි.
ලබන සතියේදී තවත් මන්තී‍්‍රවරු පිරිසක් සමග ආණ්ඩුවෙන් ඉවත්වීමට තීරණය කර ඇති මෙම ප්‍රබල ඇමතිවරයා තවදුරටත් පැවසුයේ තමන් ඇතුළු පිරිස තම හෘද සාක්ෂියට අවනතව මෙම තීරණය ගත්තද, සිය දූෂණ සහ අපචාර තොරතුරු අඩංගු ෆයිල් රැසක් ජනාධිපතිවරයාගේ මේසය උඩ ඇති වීරවංස වැනි පුද්ගලයන්ට ආණ්ඩුවේ වැසිකිළි සේදීම හැර වෙනත් විකල්පයක් නැති බවයි.
පොදු අපේක්ෂක කි‍්‍රයාවලියේදී ආණ්ඩුවේ මන්තී‍්‍රවරුන් සමග සන්නිවේදන කටයුතු භාරවි සිටින විපක්ෂයේ ප්‍රබල කි්රයාකාරිකයෙක් මේ පිළිබඳව උපහාසාත්මකව ප්‍රකාශ කලේ පසුගිය ජනපතිවරණ සමයේ මුසම්මිල් යොදවා ඉදිරිපත් කල නාටකයේ දෙවෙනි කොටස රඟදැක්වීමට වීරවංස උත්සාහ ගනිමින් සිටින බවත් ඒකාකාරි දුර්වල තිරරචනය සහ ප්‍රධාන නළුවාගේ දුබලකම් හේතුවෙන් “මිලියන 600ක පඹයා” තඹයක් නොවටිනා අති අසාර්ථක නාටකයක් ලෙස දේශපාලන රඟමඩලින් සමුගන්නා ඇති බවත්ය.









