ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂයා ලෙස ජනාධිපතිවරණයට තරඟ කිරීමට ඉදිරිපත් වීමත් සමග සන්ධාන ආණ්ඩුවේ රාජපක්ෂ පිළේ බල කණු හෙල්ලීමටක ලක්විය.
කෙසේ නමුත් රාජපක්ෂ පිළ තම නායයාමට පැලැස්තර යොදමින් මේ වනවිට ප්‍රාදේශීය සභාවල එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් තමන් වෙත දිනා ගැනීම සඳහා වැඩපිළිවෙලක් දියත් කරමින් සිටී.
එහි එක් පියවරක් ලෙස තලාව සහ මිහින්තලේ ප්‍රාදේශීය සභාවල විපක්ෂ නායකවරුන් ආණ්ඩු පක්ෂයට එක් කරගෙන තිබේ.
තලාව ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක සරත් දිසානායක මහතා සහ මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ලලිත් එදිරිසිංහ යන මහත්වරුන් මෙලෙස ආණ්ඩු පක්ෂයට එක්වී ඇති බව සඳහන්ය.
ඒ කෙසේ වෙතත් සන්ධානයට බලය හිමි පළාත් සභා කිහිපයකම බහුතරය විපක්ෂයට ලැබෙන තත්වයක්ද මේ වනවිට උදා වෙමින් තිබේ.
Views: 0









