සතොස සතුව තිබූ සුදුලූනු කන්ටේනර් දෙකක් වංචා සහගත ලෙස වෙනත් ව්යාපාරිකයකුට විකිණීමේ ආන්දෝලනාත්මක සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (11) පස්වරුවේ සතොස සේවකයන් සිව්දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම නිලධාරීන් සිව්දෙනා අතරට වැඩ තහනම් කර සිටින නිලධාරීන් තිදෙනකු සහ සතොස සේවයට මෑතකදී එක් වූයේ යැයි කියන නිලධාරිනියක්ද ඇතුළත්ව සිටින බව සතොස ආරංචි මාර්ග සඳහන් කරයි.
අද අත්අඩංගුවට පත්වූ නිලධාරිනිය මෙම ගනුදෙනුවට සම්බන්ධ ලිපි ලේඛනවලට අත්සන් තැබීමේ චෝදනාව මත පොලිස් භාරයට ගෙන ඇති බවද වාර්තා වේ.
මෙම පුද්ගලයන් සිව්දෙනා හෙට වැලිසර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තහනමට ලක්ව සිටින එක් නිලධාරියකු මීට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇප මත මුදා හැර සිටී.
Views: 0









