තුෂාන් ගුණවර්ධනගෙන් පැය තුනක් CIDයේ

තුෂාන් ගුණවර්ධනගෙන් පැය තුනක් CIDයේ

සුදුලූනු වංචාව සම්බන්ධයෙන් සහ පුවත්පත්වල පළ වු කතු වැකි කිහිපයක් පිළිබඳව පාරිභෝගික කටයුතු අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධනගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (08) පැය තුනකට අධික කාලයක් ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ.

අද (08) දහවල් දොළහට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකක 2 හි පෙනීසිටි ඔහු ප්‍රකාශ ලබා දීමෙන් පසු තුනයි තිහට පමණ ඉන් පිටව ගොස් ඇත.

පාරිභෝගික කටයුතු අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධනගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු සිද්ධීන් දෙකක් සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. ඒ වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ පැමිණිල්ලක් සහ සුදුලූනු වංචාව සම්බන්ධයෙනි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්