පැන්ඩෝරා පත්‍රිකාවල නැති තොරතුරු 01

පැන්ඩෝරා පත්‍රිකාවල නැති තොරතුරු 01

මේ වනවිට මහත් ආන්දෝලනයකට ලක් වී තිබෙන පැන්ඩෝරා පත්‍රිකාවලින් ආවරණය නොවූ තොරතුරු රැසක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ වාර්තාවල අඩංගු වී තිබේ.

එම කාරක සභාව ඩිව් ගුණසේකරගේ සභාපතිත්වයෙන් 2011 දෙසැම්බර් පළවෙනි දින නිකුත් කර තිබෙන වාර්තාවේ මූල්‍ය අපරාධ පිළිබඳව කරුණු රැසක් හෙළිදරව් කර ඇත. එම කරුණු වාර්තා කිරීමේ ප්‍රවෘත්ති මාලාවක පළමුවැන්න මෙයයි.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ ආරම්භ කරන ලද මිහින් ලංකා ගුවන් සමාගම සහ ලංකා පුත්‍ර සංවර්ධන බැංකුව එම පාලනය අවසන් වීමටත් පෙර දැවැන්ත මූල්‍ය විනාශයක් සිදුකර බිඳවැටිනි. ඊට අදාලව 2011දී කෝප් කමිටුව වාර්තා කර තිබූ දත්ත කිහිපයක් මෙසේය.

මිහින් ලංකා ගුවන් සමාගම

2007 – 2010 කාලය තුළ අලාභය – රුපියල් මිලියන 13,735යි.
ගෙවීමට ඇති මුළු මුදල් ප්‍රමාණය (ජංගම වගකීම්) – රුපියල් මිලියන 2,400යි.
ගුවන්තොටුපොළ හා ගුවන්සේවා සමාගමෙන් ගත් ණය – රුපියල් මිලියන 500යි.
බැංකු අයිරාව – රුපියල් මිලියන 382යි.
එකතුව – රුපියල් මිලියන 17,017යි.

ලංකා පුත්‍ර සංවර්ධන බැංකුව

අක්‍රීය ණය – රුපියල් මිලියන 1,300යි.
එම අක්‍රීය ණයවලට අමතරව විශේෂයෙන් සඳහන් වන ආයතනවලට ලබාදී ඇති ණය
බෙටන්ට් සමාගමට – රුපියල් මිලියන 300යි.
ධීවර සමිතියකට – රුපියල් මිලියන 75යි.
ටොරානා මියුසික් සමාගමට – රුපියල් මිලියන 21යි.
නන්දන මෝටර්ස් සමාගමට – රුපියල් මිලියන 42යි.
ඇඟලුම් කම්හල්වලට ලබාදී ඇති නැවත අයකර නොගත් ණය – රුපියල් මිලියන 1000යි.
එකතුව – රුපියල් මිලියන 2,738යි.

මෙම ආයතන දෙකේ සිදුව ඇති මූල්‍ය අපරාධය රුපියල් මිලියන 19,755යි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්