රජයට අයත් ලිට්රෝ සහ පුද්ගලික ලාෆ් යන ගෑස් සමාගම් දෙක ඒකාබද්ධ කරමින් ‘සියෝලිට්’ නමින් සමාගමක් නිර්මාණය කර ගෑස් ව්‍යාපාරයට ඒකාධිකාරයක් නිර්මාණය කිරිමට දැරූ උත්සාහය මේ වනවිට අත්හැරීමට සිදුව ඇතැයි වාර්තා වේ.
සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් අචාර්ය පී.බි ජයසුන්දර සූම් තාක්ෂනය ඔස්සේ රජයට අයත් ලිත්රෝ ගැස් සමාගමේ ඉහළ කලමනාකාරිත්වය හදිසියේම අමතමින් ප්‍රකාශ කොට ඇත්තේ ලිත්රෝ සහ පුද්ගලික ලාෆ් සමාගම් දෙක සදහා රජයේ මැදිහත්විමෙන් ආරම්භ කළ ‘සියෝලිට්’ නැමති සමාගම වහාම විසුරුවා හරින ලෙසයි.
මෙවැනි සමාගමක් නිර්මාණය කර තිබීම ළිබඳවත් මෙහි ඇතු කූඨ උපක්‍රමය පිළිබඳවත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති පසුගිය 25වනදා හෙළි දරව් කළ අතර ඔහු සඳහන් කළේ මෙම නව සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය අවස්ථා දෙකකදී ගූගල් තාක්ෂණය ඔස්සේ රැස්වී තීන්දු තීරණ ප්‍රමාණයක්ද ගෙන ඇති බවයි.
මෙම සමාගම හරහා ලාෆ් සමාගමේ රුපියල් බිලියන 38ක් පමන රාජ්‍ය බැංකු හරහා පියවා දැමීම අරමුණ කරගෙන වැඩි වාසියක් ලාෆ් සමාගම වෙත ලැබෙන ආකරයෙන් මහාභාණ්ඩාගාරයේ නියොජිතයින් විසින් නව සමාගම සූදානම් කර ඇති බවද සුනිල් හඳුන්නෙත්ති හෙළිදරව් කරන ලදී.










