මේ වනවිට කැබිනට් ඇමතිවරුන් හතරක් සහ නියෝජ්‍ය ඇමතිවරයෙක් මෙන්ම මන්ත්‍රීවරුන් සිව් දෙනෙක් සමග නව දෙනෙක් මහින්ද රාජපක්ෂ මහතා හැරගොස් අවසන්ය. තවත් කැබිනට් ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් ගණනාවක් දැඩිලෙස ආණ්ඩුව විවේචනය කරමින් සිටිති.
චම්පික රණවක, මෛත්‍රීපාල සිරිසේන, රාජිත සේනාරත්න සහ දුමින්ද දිසානායක ඉවත් වූ කැබිනට් ඇමතිවරුන් වෙති. නියෝජ්‍ය ඇමතිවරයා වන්නේ එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන මහතාය. මහින්ද රාජපක්ෂ මහතා හැර ගිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන්නේ පූජ්‍ය අතුරලියේ රතන හිමි, පත්කළ මන්ත්‍රී රජීව විජේසිංහ, වසන්ත සේනානායක සහ නුවරඑළිය දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී පෙරුමාල් රාජදුරෙයි යන මන්ත්‍රීවරුන්ය.
Views: 0









