ජනපති ජනපතිවරණය කැඳවන්න කියයි

වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය කැඳවීම සඳහා වන ගැසට් නිවේදනයට මීට සුලු මොහොතකට පෙර අත්සන් තබා ඇත.

පස්වරු 1.32 මෙම අත්සන් තැබීම සිදු කර ඇති අතර ජනාධිපතිවරණය කැඳවන නිවේදනය තමන්ට ලැබුණු බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාද මාධ්‍ය වෙත ප්‍රකාශක් කරමින් සනාත කර තිබේ.

මේ අනුව දෙසැම්බර් 4-5 නාමයෝජනා බාරගැනීමට නියමිත බවත්, ඡන්ද විමසීම ජනවාරි මස 03දා සිදුකිරීමට බොහෝදුරට ඉඩ ඇති බවත් මැතිවරණ කොමසාරිස් කාර්යාල ආරංචිමාර්ග පවසයි.

Facebook
Twitter
LinkedIn