අගමැතිකම වෙනසකට ක්ෂණික යෝජනාවක්!

අද (19) සවස පැවැත්වීමට නියමිතව තිබෙන මේ වනවිටත් (7.00) ආරම්භ වී නැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යමකාරක සභාවේදී ආග්‍රාමාත්‍ය ධුරය වෙනස් කිරීම සඳහා යොජනාවක් ගෙන ඒමට නියමිත බවට ශ්‍රී ලනිප ජ්‍යෙෂ්ඨයන් අතර දැඩි කතා බහකට ලක් වෙමින් තිබේ.

අගමැති ධුරය වෙනස් කිරීම සම්බන්ධ අවසාන තීරණය ගනු ලබන්නේ ජනාධිපතිවරයා වන අතර ක්ෂණිකව පැණනැගී තිබෙන මෙම කතා බහ මහින්ද රාජපක්ෂ මහතා‍‍ගේ පාර්ෂවයෙන් ඇතිවී තිබෙන තත්වයක්ද නැතහොත් හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ මැදිහත් වීමෙන් ඇති කර තිබෙන තත්වයක්දැයි පැහැදිළි නැත.

Facebook
Twitter
LinkedIn