දැනුමේ කේන්ද්‍රයට දනිස්සෙන් යෑම

රටේ සෑම පාසලකටම දේශපාලඥයෙකු සම්බන්ධ කර ගනිමින් දෙමාපිය රැස්වීම් පවත්වන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සිදු කර ඇති නියෝගයට අනුව ඊයේ (18) මහනුවර විහාරමහා දේවී බාලිකා විද්‍යාලයේද රැස්වීමක් පවත්වා තිබේ.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් මෙම රැස්වීම් පැවැත්වීමට බලධාරීන්ගේ අරමුණ වී ඇති අතර ඉහත රැස්වීම සඳහා සහභාගී වී ඇත්තේ මධ්‍යමපළාත් අමාත්‍ය තිලින බණ්ඩාර තොන්නකෝන් මහතාය.

කෙසේ නමුත් මෙම රැස්වීම සඳහා පැමැණි දෙමවුපියන්ට වාඩිවීම සඳහා පුටු සැපයීමට කටයුතු කර ඇත්තේ පාසලේ ඒ අවස්ථාවේ වර්ෂ අවසාන විභාගය ලියමින් සිටි දරුවන් ඉවත් කරමිණි.

ඛේදවාචකයක තරම කියාපාමින් මෙම දරුවන් බිම දනගසාගෙනද තවත් දරුවන් හිටගෙනද වර්ෂ අවසාන විභාගය ලියා තිබේ.

ඔවුන් සිය දිවා ආහාරය ගෙන ඇත්තේද හිටගෙන හෝ සිය මේසය උඩ වාඩිවෙමිණි.

ළමුන් වර්ෂ අවසාන විභාගය ලියන ආකාරය

දෙමාවුපිය රැස්වීමේ අවස්ථාව

ළමුන් දිවා ආහාරය ගන්නා ආකාරය

Facebook
Twitter
LinkedIn