පැකර් – රාජපක්ෂ කැසිනෝ සාකච්ඡා නැවතත් කරළියට

ශ්‍රී ලංකාවේදී සිය කැසිනෝ ව්‍යාපාර ව්‍යාප්ත කිරීමට සූදානමින් සිටින ඕස්ට්‍රේලියාවේ කැසිනො ව්‍යාපාරික ජේම්ස් පැකර් ඒ පිළිබඳව තවදුරටත් ශ්‍රී ලංකා රජයත් සමග සාකච්ඡා කරමින් සිටින බව ක්‍රවුන් කැසිනෝ ව්‍යාපාරය උපු‍ටාදක්වමින් ඕස්ට්‍රේලියානු මාධ්‍ය ඊයේ (17) සඳහන් කළේය.

එසේම පැකර් කැසිනෝ සහිත සිය මිශ්‍ර ආයෝජන ව්‍යාපෘතිය අනුමත කර ගැනීමට අවශ්‍ය කටයුතු ක්‍රියාකාරීව සිදුකරගෙන යන බවද එරට මාධ්‍ය සඳහන් කරයි. අවශ්‍ය නම් දැනට දේශීය පවතින කැසිනෝ බලපත්‍ර උපයෝගී කරගෙන මෙම හෝටල්වල කැසිනෝ ආරම්භ කිරීමේ හැකියාවද පවතින බව සඳහන් වේ.

කෙසේ වෙතත් ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වීම ක්‍රවුන් කැසිනෝ ව්‍යාපාරය ප්‍රතික්ෂේප කර තිබේ.

ඩොලර් මිලියන 457ක වටිනාකමකින් යුතු සුපිරි පහසුකම්වලින් සමන්විත ක්‍රවුන් හෝටලය ඩී.ආර්. විජේවර්ධන මාවතේ බේරේ වැව ආසන්නයේ ඉදිකිරීමට නියමිතය.

Facebook
Twitter
LinkedIn