මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ඉදිරි ජනාධිපතිවරණයේදී සහයෝගය ලබා දීමට ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයට එහි මහ ලේකම් ඩීව් ගුණසේකර ගෙන ආ යෝජනාවත් සමග එම පක්ෂය තුළ බෙදීමක් නිර්මාණය වී තිබේ. පසුගිය 09 වනදා සවස එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වූ අවස්ථාවවේදී මෙම බෙදීම නිර්මාණය වී ඇත.
ඩීව් ගුණසේකර ඇමතිවරයාගේ මෙම යෝජනාවට පක්ෂව ඡන්ද 26 ක් ලැබි ඇති අතර විපක්ෂව ඡන්ද 14 ක් ලැබී තිබේ. මධ්‍යම කාරක සභාවේ එක් සාමාජිකයෙකු ඡන්දය දීමෙන් වැළකී සිට ඇත.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ලෙස දැඩි ස්ථාවරයක සිටී කොමියුනිස්ට් පක්ෂය එම ස්ථාවරය පාවා දී ඇති බවත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා 2005දී ජනතා බලය ලබා ගත්තේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට වූ පොරොන්දුවක් ලබා දෙමින් බවත්ය. එවැනි පොරොන්දු කඩකළ පුද්ගලයකු නැවතත් බලයට ගෙන ඒමේ කිසිදු විශ්වාසයක් නොමැති බවත් මෙම යෝජනාවට විරුද්ධ වූ කණ්ඩායම එහිදී ප්‍රකාශ කර තිබේ.
මෙම බෙදීමත් සමග විධායක ජනාධිපති ක්‍රමයට එරෙහි කණ්ඩායම විපක්ෂයේ පොදු අපෙක්ෂකයා වටා එක් වීමේ සූදානමක් පවතින බවද වාර්තා වේ.









