එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී මංගල සමරවීර මහතා ආණ්ඩු පක්ෂයට එක් කර ගැනීම සඳහා සිදු කරන ලද මෙහෙයුම සම්පූර්ණයෙන්ම අසාර්ථක වී ඇති බව අනාවරණය වේ.
මෙම මෙහෙයුම ජනාධිපතිවරයාගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදුවූ බව ආණ්ඩු පක්ෂ ආරංචි මාර්ග හෙළි කරන අතර එය අසාර්ථක වීම මහින්ද රාජපක්ෂ මහතාගේ ඉදිරි සැළසුම් සියල්ලම බිඳවැටීමට හේතු වී ඇති බවද හෙළි වේ. මේ වන විට මංගල සමරවීර මහතා සිංගප්පූරුවේ සංචාරයක යෙදී සිටින අතර හෙට පෙරළා පැමිණීමට නියමිතව තිබූ බව මීට පෙර වාර්තා විය. එහෙත් ඒ මහතාගේ සංචාරය තවදුරටත් දීර්ඝ කෙරෙනු ඇති බව තවත් ආරංචි මාර්ගයකින් හෙළි වෙයි.
Views: 0









