
ජනාධිපතිවරණය පැවැත්වීම වෙනුවෙන් සකස් කළ ප්‍රෝඩාකාරී අයවැය නිසා රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම රාජපක්ෂ පවුල විසින් ගිලගෙන ඇති බව ආරථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති අමු අමුවේ උල්ලංඝණය කරමින් අයවැය ඉදිරිපත් කර දින 10ක් ඇතුළත මුළු රාජ්‍ය වියදම රුප්යල් කෝටි 35,600කින් වැඩිකරගැනීම නිසා ඉතා ඉක්මනින් ආරථිකය කඩා වැටිය හැකි බව ඔවුන්ගේ මතයයි. පෙර ඉදිරිපත් කළ ඇස්තමේන්තු අනුව රජයේ මුළු වියදම රුපියල් කෝටි 304,900 විය. අයවැය සංශෝධන අනුව මුළු වියදම රුපියල් කෝටි 340,500 දක්වා ඉහළ ගොස් තිබේ.
මෙම අනතුරු ඇඟවිම සිදුකරනු ලබන්නේ රජයේ වියදම් කෝටි තිස්පන් දහස් හයසියයකින් ඉහළ දමා ගැනීම හේතු කොටගෙනය. මෙලෙස වියදම් ඉහළ දමාගෙන ඇත්තේ කිසිදු පිළිගත හැකි ක්‍රමවේදයකට නොවන බවත් එම මුදල් බෙදා හරින්නේ කෙසේද යන්න පවා හෙළි කර නොමැති බවත් ඔවුන් පෙන්වා දෙති.
ඔක්තෝම්බර 24වෙනිදින ඉදිරිපත් කරන ලද අයවැය අනුව රජයේ මුළු වියදම් වලින් රුපියල් කෝටි එක්ලක්ෂ විසිඑක් දහස් නවසිය තිහක් (රු.1,219,300,000,000) රාජපක්ෂ පවුල වෙත රඳවාගෙන තිබිණ. මෙයට රුපියල් කෝටි තිස්පන් දහස් හයසියයක් අලුතින් එකතු කර ගනු ඇති බව විශ්ලේෂකයින්ගේ මතයයි. මේ අනුව ලබන වසර සඳහා රාජපක්ෂ පවුල විසින් රුපියල් කෝටි එක්ලක්ෂ පනස් හත් දහස් පන්සිය
තිහක් (රු.1,575,300,000,000) දක්වා මුළු වියදම් ප්‍රමාණය ඉහළ දමා ගෙන ඇති බව හෙළිවේ.
ඒ මෙසේය. ජනාධිපතිවරයාගේ වියදම – රුපියල් නවසිය පනස් නව කෝටි තිස්පන් ලක්ෂයකි. (රු. 9,593,
520,000) මුදල් අමාත්‍යංශයේ වියදම – රුපියල් පනස් පන් දහස් තුන්සිය අසූපන් කෝටි හතලිස් ලක්ෂයකි. ( රු. 553,854,000,000) රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ වියදම – රුපියල් විසිඅට දහස් පන්සිය දෙකෝටි විසි ලක්ෂයකි. (රු. 285,022,000,000) ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ වියදම – රුපියල් එකොලොස් දහස් තුන්සිය කෝටියකි (රු. 113,000,000,000) වරයා හා මහා මාර්ග අමාත්‍යංශයේ විසිදහස් තිස්තුන් කෝටි පනස් ලක්ෂයකි. (රු.









