දඹුල්ල ප්‍රාදේශීය මාධ්‍යවේදීන් නිවැරදි වාර්තා ඉදිරිපත් නොකරතියි කියමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි දඹුල්ල නගර සභාවේ නගරාධිපති ජාලිය ඕපාත මහතා අද (07) දඹුල්ල මහ නගර සභා රැස්වීමට පැමිණි මාධ්‍යවේදින් එළියට දමා තිබේ.
පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් එයට විරෝධය දක්වන විට එසේ කළේ තමාගේ බලතල අනුව යැයි නගරාධිපතිවරයා පවසා ඇත.
අද රැස්වීම වාර්තා කිරිමට ගිය මාධ්‍යවේදීන් සභා ගැබෙන් එළියට පැමිණෙන විට ඔවුන් සමඟ නියෝජ්‍ය නගරාධිපති කුසුම්සිරි ආරියරත්න, නාගරික මන්ත්‍රී එච් එම් රූපසිංහ, විපක්ෂ නායක තිස්ස බණ්ඩාර හේරත් යන මහත්වරුව්ද එළියට බැස තිබේ.
නගරාධිපතිවරයාගේ ක්‍රියා කළාපය තොරතුරු දැන ගැනීමේ අයිතිය පැහැර ගැනීමක් බවත් මහජනයාගේ මුදලින් යැපෙන නගර සභාවේ කටයුතු ද දැනගැනීමේ අයිතියක් මහජනයාට ඇති බවත් එම අයිතිය ක්‍රියාත්මක කරන මාධ්‍යවේදීන් දොරට දැමීම අනුමත කළ නොහැකි බවත් මාධ්‍යවේදීහු මෙන්ම එම මහජන නියෝජතියෝ පවසති.









