මහින්දට බැරි බව කියන්න ජවිපෙන් මෝසමක්

තමාට තුන්වන වරට ජනාධිපති ධුරය සඳහා තරඟ කළ හැකිද නොහැකිද සහ ඔහුගේ දෙවන ධුර කාලය අවසන් වීමට පෙර නැවත ජනාධිපතිවරණය කැඳවිය හැකිද නොහැකිද යන්න සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය තමන් වෙත ලබා දෙන ලෙස ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් පවත්වන නඩු විභාගය සාධාරණව පවත්වන ලෙසත් ඊට කරුණු දැක්වීමේ අවස්ථාව තමන්ටද ලබාදෙන ලෙසත් ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ විසින් අද (07) ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ‍ගොනු කර තිබේ‍.

එම මෝසම භාරගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ටාර්වරිය දැනුම් දී ඇත්තේ මේ වනවිට නඩුව විභාග කර (hearing) අවසන් බවය.

ජනතා විමුක්ති පෙරමු‍ණ වෙනුවෙන් මෝසම් ඉදිරිපත් කළ නීතීඥ සුනිල් වටගල මහතා පවසන්නේ රෙජිස්ටාර්වරිය විසින් තමන්ට දැනුවූ පරිදි මේ වනවිටත් නඩුව විභාග කර අවසන්නම් අද සවස 3.00ට පෙර ලිඛිතව කරුණු දක්වන ලෙස නීතීඥ සංගමයට දන්වා තිබීම විහිළුවක් බවයි.


Facebook
Twitter
LinkedIn