ලබන වසර සඳහා ඉදිරිපත් කර තිබෙන අයවැය ඇස්තමේන්තු අනුව ජනතාවට සෘජු ලෙසම බලපාන ආමත්‍යාංශ ගණනාවක ප්‍රතිපාදන කපා හැර තිබේ.
විශේෂයෙන්ම මහජනතාවගේ අත්‍යාවශ්‍ය සේවා සපයන සහ ජීවිත සුරක්ෂිතතාව සැපයීමට සෘජුව සම්බන්ධ අමාත්‍යාංශ මෙන්ම ජනාධිපතිවරයා සමග ගැටුම් ඇතිකරගෙන තිබෙන ඇමතිවරුන්ගේ වියදම් කපා හැරීමද මෙහි ඇතුළත් බව පැහැදිළි වේ. විශේෂයෙන්ම වනජීවී අමාත්‍යාංශය යටතේ අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා විදුලි කම්බි වැටවල් යෙදීම බරපත ප්රශ්නයක්ව තිබෙන අවස්ථාවක ජනතාවගේ ජීවිත අනතුරට හෙළමින් වියදම් කපා හැර තිබීම දැඩි අවධානයට යොමු කළ යුත්තකි.
එමෙන්ම විදුලි බල අමාත්‍යාංශය සහ ජලසම්පාදන අමාත්‍යංශය යන අමාත්‍යාංශ දෙකේ පමණක් රුපියල් කෝටි 5,665ක ප්‍රතිපාදන කපා හැර තිබේ. විදුලි බිල 25%කින් අඩු කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබියදී එම අමාත්‍යාංයේ වියදම් කපා හැරීම කැපීපෙනේ. එමෙන්ම රතුපස්වල ජනතාව පිරිසිදු පානීය ජලය ඉල්ලීම ඇතුළුව රජරට ප්‍රදේශයේද පානීය ජලය පිළිබඳව බරපතල ප්‍රශ්න තිබියදී ජලසම්පාදන අමාත්‍යංශයේ ප්රතිපාදනද කපා හැර තිබේ.
එම අමාත්‍යාංශ සහ කපා හැර තිබෙන මුදල් පිළිබඳ විස්තර පහත දැක්වේ.
ආපදා කළමනාකරන අමාත්‍යාංශයේ රුපියල් කෝටි 108ක්, විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ රුපියල් කෝටි 3,205ක්, ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ රුපියල් කෝටි 20ක්, නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යාංශයේ රුපිවල් කෝටි 50ක්, ක්‍රීඩා අමාත්‍යාංශයේ රුපියල් කෝටි 216ක්, දීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ රුපියල් කෝටි 356ක්, ජලසම්පාදන හා ජලාප්‍රවාහන අමාත්‍යාංශයේ රුපියල් කෝටි 2460ක්, පොල් සංවර්ධන අමාත්‍යාංශයේ රුපියල් කෝටි 5ක්, වනජීවී අමාත්‍යාංශයේ රුපියල් කෝටි 14ක්, සුළු අපනයනබෝග අමාත්‍යාංශයේ රුපියල් දසලක්ෂයක් (රු.1,000,000), පලදායිතා ප්‍රවර්ධන අමාත්‍යාංශයේ රුපියල් කෝටි 4ක්, විදුලිසංදේශ අමාත්‍යාංශයේ රුපියල් ක
ෝටි 18ක්, අධ්‍යාපනසේවා අමාත්‍යාංශයේ රුපියල් කෝටි 68ක් වශයෙන් මෙසේ මුදල් කපා හැර තිබේ.









