ලංකා විදුලිබල මණ්ඩලයට මිලදී ගත් ගල්අඟුරුවල ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටලුවක් ඇත්නම් එහි පාඩුව අදාළ පාර්ශ්වයන්ගෙන් අයකර ගත හැකි බවත් මෙරටට ගල් අඟුරු ගෙනඒමේ දී සිදුවු බව කියන වංචා පිළිබඳව සොයාබැලීමට බුද්ධිමය මණ්ඩලයක් පත්කළ යුතු බවත් තාක්ෂණ පර්යේෂණ අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසූවේ ගල් අඟුරු, කැසිනෝ සහ බල දේශපාලනය පිළිබඳව හෙළිදරව් කිරීම සඳහා මහවැලි කේන්ද්‍රයේ ඊයේ (05) පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමිනි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ තමන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය ධුරයෙන් ඉවත් වන අවස්ථාවේදී එම අමාත්‍යංශයට සෘජු පාඩුවක් සිදුනොවූ බවයි. ගල් අඟුරු ගෙන්වීම සම්බන්ධයෙන් සවිස්තරාත්මක තොරතුරු සහිතව ලිඛිත සාක්ෂි ලබාදීමට තමන් සුදානම් බවද ඇමතිවරයා විශේෂයෙන් පවසයි.
චම්පික රණවක මහතා විදුලි බල අමාත්‍යවරයාව සිටි සමයේ ගල් අඟුරු ගෙන්වීමේදී රුපියල් කෝටි 150ක පාඩුවක් සිදුව ඇතැයි නව විදුලි බල අමාත්‍ය පවිත්‍රා දේවී වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී පසුගියදා පැවසීය. ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණයක් පැවැත්වීමට පැමිණිලි කර ඇතැයිද ඇය එහිදී පැවසූ නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එය ප්‍රතික්ෂේප කළේය.









