අගමැතිට තවත් කැපිල්ලක්

ලබන වසර සඳහා ඉදිරිපත් කර තිබෙන අයවැය ලේඛණයෙන් අගමැතිවරයාගේ වියදම් රුපියල් මිලියන 22කින් කපා හැර තිබේ.

මෙම වසර සඳහා සංශෝධිත වැය ශීර්ෂය අනුව අගමැතිවරයාගේ වියදම රුපියල් තිස් කෝටි හැත්තෑතුන් ලක්ෂ පන්දහසක් (රු. 307,305,000) විය. එය ලබල වසර සඳහා රුපියල් විසිඅට කෝටි පනස් දෙලක්ෂය දක්වා (රු. 285,200,000) කපා හැර ඇත.

මේ වනවිට අගමැතිවරයා සම්බන්ධයෙන් රාජපක්ෂ පාලනය තුළ බරපතල ගැටලු මතුවී තිබෙන බව විවිධ අවස්ථාවලදී අනාවරණය විය.  කුමන මොහොතක හෝ අගමැති ධූරය වෙනස් කරනු ඇති බවත් ලබන ජනාධිපතිවරණය සඳහා මහින්ද රාජපක්ෂ මහතාට වැඩි සහයෝගයක් ලබා ගත හැකි පුද්ගලයකු අතර එය තාවකාලිකව හෝ පත් කිරීමට ඉඩ ඇති බවත් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

Facebook
Twitter
LinkedIn