මේ වනවිට ගැසට් මගින් ප්රකාශයට පත් කර ඇති මුදල් පනත් කෙටුම්පත රජයෙන් කොල්ලකාලා, රජයටම ණය දෙන ක්රමයක් හදපු කෙටුම්පතක් බවත් ඉන් මෙරට පීඩාවට පත් සුළු හා මධ්ය පරිමාණ කර්මාන්තකරුවන්ට ණය ගෙවාගත නොහැකි සාමාන්ය ව්යාපාරිකයන්ට හෝ ගොවිජනතාවට සහනයක් නොලැබෙන බවත් ජාවාරම්කාර මෙරට 100ක් 200ක පිරිසක් වෙනුවෙන් ඉදිරිපත් කර ඇති කෙටුම්පතක් බවත් හිටපු කෝප් සභාපති, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති සඳහන් කරයි.
ඔහු මේ බව පැවසූවේ මෙම පනතට එරෙහි ශ්රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කරමිණි.
පසුගිය 22 වනදා නීතීඥ සුනිල් වටගල මාර්ගයෙන් මෙම නඩුව ගොනු කළ අතර එම අවස්ථාවේදී ඔහු වැඩිදුරටත් මාධ්ය වෙත දැක්වූ අදහස්…
“මේ මුදල් පනතට අද ගෙනල්ල තියෙන කෙටුම්පත් කළු සල්ලි සුදු කිරීමේ වෑයමක් හැටියට අපි දකින්නේ. ඉතා සුළු පිරිසකට වාසි ගෙන දෙන අකාරයේ පනත් කෙටුම්පතක් තමයි මේ ඉදිරිපත්කරල තියෙන්නේ. රටේ පවතින නීතිය යටතේ හෙළිදරව් කළ යුතු උපයාගැනීම් තියෙනවානම් ඒවා නීත්යානුකූලව හෙලිදරව් වෙන්න ඕනා. බදු අය කෙරෙන්න ඕනා ඒ නීත්යානුකූල ක්රියාවලිය ඇතුළේ.
රටේ ආර්ථික අර්බුදයක් තියෙනවා කියලා ආණ්ඩුවට ඩොලර් නැහැ කියලා. ආණ්ඩුවට සල්ලි නැහැ කියලා නීතිවිරෝධී විදිහට, හොරකම්කරපු, ජාවාරම්කරුපු, කප්පම් ගත්ත, කුඩු විකුණපු ජාවාරම්කාරයින්ගේ සල්ලි. ආණ්ඩුවේ දේශපාලඥයොයි ලෝකෙ පුරා රටවල්වල ගිහින් හංගලා තියෙන සල්ලි මේ රටේ මහජනතාවගෙන් මංකොල්ලකාපු සල්ලි නීත්යානුකූල කරලා ඒ කළු සල්ලි සුදු කරලා තමන්ට කැමති විදිහට කොටස් වෙළඳපොළට ආයෝජනය කරන්න, භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කරන්න, නැවත රජයෙන් මංකොල්ල කාලා රජයටම ණය දෙන්න ක්රමයක් තමයි මේ හදාගෙන තියෙන්නේ.
මෙකෙන් සුළු හා මධ්යපරිමාණ කර්මාන්තකරුවන්ට හරි ව්යාපාරිකයන්ට හරි අද ණය ගෙවාගන්න බැරුව ඉන්න සාමාන්ය ව්යාපාරිකයන්ට කර්මාන්තකරුවන්ට සහනයක් දෙන්නේ නැහැ. ගොවිජනතාවට සහනයක් දෙන්නේ නැහැ.
මේ ආකාරයට නීත්යානුකූලව හෙළිදරව් කරන්න බැරි නීතිය ඉස්සරහට එන්න බැරි වත්කම් උපයලා තියෙන්නේ කවුද මේ රටේ. සීයක් දෙසීයක් ඇති ඕන්නම් වැඩිම වුනොත්. ඒ ඉන්න ඔක්කොම හොරු ටික දේශපානඥයින් එක්ක හිටපු. එක්කො මේ රටේ ප්රබලම දේශපානඥයෝ. ඇමතිවරු. මේ පාර්ලිමේන්තුවෙත් ඉන්න ඇමතිවරු මන්ත්රීවරු බහුතරයකට මේ පනතෙන් නිදහස ලබාගන්න පුළුවන්කම තියෙනවා. තමන්ගේ හොරකම් සුජාත භාවයක් ඇති කරන්න. ඒක හින්දා මේක පැහැදිලි ලෙසම මේ රටේ ආර්ථිකය ශක්තිමක් කරන්න ගෙනාපු පනත් නෙවෙයි. තමන් හොරකම්කරුපු, වංචාකරපු සල්ලි, කප්පම් ගත්ත සල්ලි, මංකොල්ල කාපු සල්ලි සුජාත භාවයක් ලබාදෙන්න තමයි මේ ගෙනල්ල තියෙන්නේ.
අද මා කඳුරේ මධූෂ් හිටියනම් ඒ කුඩු ජාවාරම් කරල හම්බකරපුවා ඩුබායිවල තිබිච්ච සල්ලිත් මධූෂ්ටත් ලංකාවට ගේන්න පුළුවන් ආකාරයේ නීතියක් තමයි මේ හදලා තියෙන්නේ.
ඒක නිසා ඉතා පැහැදිලිව අපි කියනවා මේක ජනමත විචාරණයකට ලක් කරන්න ඕනා. මේ රටේ ජනතාව මේකට විරුද්ධයි. ජනතාවගේ අධිකරණය ඉස්සරහ මේක විභාගයට ලක්වෙන්න ඕන. ඒක නිසා ජනමත විචාරණය ලක් කරන්න කියන ඉල්ලීම තමපි අපි ශ්රේෂ්ඨාධිකරණයෙන් අද (22) ඉල්ලා සිටියේ.”










