කොරෝනා වසංගතය හේතුවෙන් ජීවන මාර්ග අහිමි වූ පවුල් සඳහා පසුගිය කාලසීමාව තුළ රජය මඟින් ලබාදුන් රුපියල් පන්දහසේ දීමනාවට අදාළව අක්රමිකතා රැසක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය සිදුකළ විගණන පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්රමරත්න සඳහන් කරයි.
රුපියල් පන්දහසේ දීමනාව ලබාදීමේදී නියමිත මුදල ඉක්මවා ඇතැම් පවුල්වලට ගෙවා ඇති බව අනාවරණය වී ඇති බැවින් ඒ පිළිබඳව ප්රාදේශීය ලේකම්වරුන් දැනුවත් කර ඇතැයිද විගණකාධිපතිවරයා සඳහන් කරයි.
එවැනි සිදුවීම්වලින් රජයට අහිමි වී ඇති මුදල් යළි අය කර ගැනීමට නිර්දේශ කරමින් එම අක්රමිකතා සිදුව ඇති ප්රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදාළ නිර්දේශ යොමු කළ බවද හෙතෙම පවසයි.
බස්නාහිර පළාත හැර සෙසු පළාත්වල මෙම විගණනය සිදුකර ඇති අතර මේ පිළිබඳ සවිස්තර වාර්තාවක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට විගණකාධිපතිවරයා අපේක්ෂා කරයි.










