බූස්සේ තවත් රැඳවියන් 37කට වෛරසය ආසාදනය වෙලා…

බූස්සේ තවත් රැඳවියන් 37කට වෛරසය ආසාදනය වෙලා…

බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ නිරෝධායනය වෙමින් සිටි තවත් රැදවියන් 37 දෙනෙකුට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වි ඇතැයි බූස්ස බන්ධනාගාරය පවසයි.

නිරෝධායනය වෙමින් සිටි රැදවියන් 50 දෙනෙකු PCR පරික්ෂණවලට ලක්කොට ඇති අතර ඉන් 37 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇත.

ගාල්ල හා කළුතර යන දිස්ත්‍රික්කවල අධිකරණ මගින් රක්ෂිත බන්ධනාගාරගතකරණ රැදවියන් නිරෝධායනය සදහා බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරය වෙත යොමු කරණු ලබති.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්