පැවති රනිල් + මෛත්රී පාලන සමයේ සිදු වූ බැඳුම්කර වංචාවේ රුපියල් බිලිය 15ක් වූ දෙවන වංචාවට අදාළව රජයේ මුදල් සාවද්ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්ය රවී කරුණානායක ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනුකර ඇති නඩුවක් යළි විභාගය සඳහා ජුලි මස 02 වනදා කැඳවන ලෙස අධිකරණය ඊයේ (22) නියෝග කර තිබේ.
ඊට අදාළ නඩුව ඊයේ අමල් රණරාජාල, නාමල් බලල්ලේ සහ ආදිත්ය පටබැඳිගේ යන කොළඹ ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබීය.
හිටපු මුදල් අමාත්ය රවී කරුණානායකට අමතරව පර්පචුවල් ට්රෙෂරීස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ජෝශප් ඇලෝසියස්, එහි ප්රධාන විධායක නිලධාරී කසුන් ඕෂධී පළිසේන, එම සමාගමේ සේවකයින් වන චිත්රා රංජන් හුලුගල්ල, මුත්තුරාජා සුරේන්ද්රන් සහ පදුමනාදන් සහ ඉන්දික සමන් කුමාර නමැත්තන් සිටිති.
මෙම නඩුවේ විත්තිකරුවන් වශයෙන් නම් කොට සිටින ශ්රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්රන් සහ අජහාන් ගාර්දිය පුංචිහේවා නමැත්තන් අධිකරණය මගහැර විදේශගතව සැඟවී සිටිති.










