රූපවාහිනිය නට්ටං කරන ජාවාරමක්…

රූපවාහිනිය නට්ටං කරන ජාවාරමක්…

මේ දක්වා සංවර්ධන ලොතරැයි දිනුම් ඇදීමේ වැඩසටහනේ නිෂ්පාදන කටයුතු කරගෙන ගිය ජාතික රූපවාහිනියෙන් එය ඉවත් කර දැනට වසා දමා තිබෙන CSN නාලිකාවේ සිටි ප්‍රධානියෙකුහට එම නිෂ්පාදන කටයුතු භාරදීමෙන් විශාල වංචණික ක්‍රියාවන් කිහිපයක් සිදුකෙරෙන බවට තොරතුරු අනාවරණය වේ.

දූෂණ විරෝධී හඩ සංවිධානයේ කැඳවුම්කරු වසංත සමරසිංහ මේ පිළිබඳව මාධ්‍ය හෙළිකර ඇත.

අගමැති මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ලේකම් රෝහාන් වැලිවිටගේ පුතාට මෙම කොන්ත්‍රාතුව ලබාදී තිබේ. මේ වෙනුවෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයට රුපියල් 65,000ක පමණ කුලියක් ගෙවමින් දිනපතා සංවර්ධන ලොතරැයි දිනුම් ඇඳීමේ වැඩසටහන් නිෂ්පාදනය කරමින් පවතී. මේ නිසා සංවර්ධන ලොතරැයි මණ්ඩලයට අමතර විශාල මුදලක් ඒ වෙනුවෙන් ගෙවීමට සිදුවී ඇති අතර ජාතික රූපවාහිනියේ ආදායම් මාර්ගයක්ද බඳවැටී තිබේ.

ශ්‍රී ලංකා පදනම් ආයතනය පරිහරණය කිරීම වෙනුවෙන් ගෙවියයුතු කුලිය නිසිපරිදි නොගෙවන බවද එම ආයතනයේ ආරංචිමාර්ගවලින් හෙළිවී ඇත. සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ලලිත් පියුම් පෙරේරා මෙම කටයුතු වෙනුවෙන් සෘජුව මැදිහත්වන බවද හෙළි වී තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්