රේගු වංචා හොයන කොමිසමට කාලය මදි වෙයි…

රේගු වංචා හොයන කොමිසමට කාලය මදි වෙයි…

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සිදුකෙරන බව කියන වංචා දූෂණ සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කරන ලද කොමිෂන් සභාවේ කාලය මැයි 30 වෙනි දින සිට ඕක්තෝබර් 31 වෙනි දින දක්වා දීර්ඝ කර තිබේ.

එම කොමිසම පසුගිය පෙබරවාරි 24වන දින පත්කර ඇති අතර මැයි 30 වෙනි දිනට පෙර වාර්තාවක් නිකුත් කිරීමට නියමිතව තිබිණි. එහෙත් එහි කාලය තවත් මාස 05කින් ජනාධිපතිවරයා විසින් දීර්ඝ කර ඇත. මේ වනවිට සිටින රේගු අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික හමුදා නිලධාරී මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය පත්කරන ලද්දේ ජනාධිපති ගෝටාබය රාජපක්ස විසිනි. එහෙත් ඉන් පසුව රේගුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාම දැඩි විවේචන එල්ලකර එහි වංචා දූෂණ සෙවීම සඳහා මෙම කොමිෂන් සභාව පත්කරනු ලැබීය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්