අගුළු අරින්නැයි තග දැමූ ලොකුගේ ගේ ගෙදර 05ක් පොසිටිව්

අගුළු අරින්නැයි තග දැමූ ලොකුගේ ගේ ගෙදර 05ක් පොසිටිව්

සෞඛ්‍ය බළධාරින් විසින් හුදකලා කළ පිලියන්දල පොලිස් බල ප්‍රදේශය පැය 8ක් ගත වනවිට ඉහළ දේශපාලන බලය යොදවා හුදකලා භාවයෙන් ඉවත් කළ ගාමිණි ලොකුගේ ඇමතිවරයාගේ පිළියන්දල මාවිත්තර නිවසේ පිහිටුවා ඇති කාර්යාලයේ සේවය කරන පුද්ගලයන් පස්දෙනෙක් කොවිඩ් – 19 ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇතැයි වාර්තා වේ.

මෙම කොරෝනා ආසාදිත පුද්ගලයන්ගේ පළමු පෙළ ආශ්‍රිතයෙකු ලෙස හඳුනාගෙන ඇති ලොකුගේ ඇමතිවරයා ස්වයං නිරෝධායනයේ සිටිය යුතු වුවත් ප්‍රදේශයේ පොහොට්ටු හිතවාදි ව්‍යාපාරිකයන් සමඟ රැස්විම් පවත්වමින් සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn