පරිවාස කාලයෙන් පසු සේවයෙන් ඉවත් කලාට ලක්ෂ 36ක වන්දියක්

පරිවාස කාලයෙන් පසු සේවයෙන් ඉවත් කලාට ලක්ෂ 36ක වන්දියක්

මාස 6 ක පරිවාස කාලයෙන් පසු සේවය ස්ථිර කරන බවට ගිවිසගෙන “මූල්‍ය කළමණාකාර” තනතුරට පත් කරගත් සේවකයෙකු පරිවාස කාලසිමාව අවසානයේ සේවයෙන් ඉවත් කිරීම නීති විරෝධි බවට ප්‍රකාශ කල අතිරේක මහේස්ත්‍රාත් එන්.සී.එම්.බට්‍රම් එම සේවකයාට රුපියල් ලක්ෂ 36 ක වන්දි මුදලක් ගෙවන ලෙස වගඋත්තරකාර සමාගමට නියෝග කලේය.
පැමිණිලිකරු අදාල සමාගමේ සේවය කලේ මස 6 ක කාලසීමාවක පමණක් නිසා මෙවැනි මුදලක් වන්දි වශයෙන් ගෙවීමට නියම කල බවත් නොඑසේ නම් ඊට වඩා වැඩි වන්දි මුදලක් නියම කිරිමට නීති ප්‍රතිපාදන ඇති බවත් ප්‍රකාශ කල අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙම වන්දි මුදල 2021 මැයි මස 12 දිනට පෙර බටහිර කොළඹ කම්කරු කොමසාරිස් කාර්යාලයේ හෝ බත්තරමුල්ල කම්කරු විනිශ්චය කාර්යාලයේ හෝ තැන්පත් කල යුතු බවට නියෝග කලේය.

Facebook
Twitter
LinkedIn