අද (02) දිනය අවසන් වනවිට කොවිඩ් – 19 සාදිතයින් 1,891 දෙනෙකු මෙරටින් වාර්තාවී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය අනුව තහවුරු වේ. එය මෙරට වැඩිම දෛනික ආසාදිතයින් වාර්තා වූ දිනය ලෙස සටහන් වේ.
එම ආසාදිතයින් අතරින් 1,843 දෙනෙකුම වාර්තා වන්නේ අලුත් අවුරුදු කොවිඩ් පොකුරෙන් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එමෙන්ම විදේශයන්හි සිට පැමිණි 48 දෙනෙකුද අද වාර්තා වී ඇත.
එමෙන්ම අද දින කොවිඩ් මරණ 09ක්ද වාර්තා වී තිබේ.
මේ වනවිට වාර්තා වී ඇති සමස්ත නව කොවිඩ් – 19 පොකුර 105,914ක් දක්වා ඉහළ ගොස් ඇත.
එමෙන්ම මේ වනවිට ආසාදිතයින් 13,815 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබන අතර මේ වනවිට මෙරටින් හමුවී ඇති සමස්ත ආසාදිතයින් ගණන 111,753කි.
මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇතැයි නිල ලෙස නිවේදනය කර ඇති ආසාදිතයින් ගණන 696කි.
1















