අද (02) උදැසන සිට පිළියන්දල පොලිස්බල ප්‍රදේශයට පැනවූ හුදකලා කිරීම් රාත්‍රී වනවිට ඉවත් කිරිමට කටයුතු කළේ ප්‍රදේශිය පොහොට්ටු දේශපාලඥයන්ගේ දැඩි බලපෑම් නිසා බව වාර්තා වේ.
පසුගිය දින කිහිපය පුරාවටම පිළියන්දල ප්‍රදේශයෙන් කොවිඩ් – 19 ආසාදිතයන් හමුවිමේ වැඩි වීමක් දක්නට ලැබුනු අතර පිළියන්දල පොලිස් බල ප්‍රදේශය තුළ පිහිටා ඇති කර්මාන්තශාලා සහ හෝටල් රාශියක සේවය කරන පුද්ගලයන් හරහා වෛරස පැතිරීම පාලනය කරනු පිනිස ප්‍රදේශයේ සෞඛ්‍ය බළධාරින් විසින් අද උදැසන සිට පිලියන්දල පොලිස්බල ප්‍රදේශය හුදකලා කිරීමට තීරණය කර තිබිණි.
කෙසේ වෙතත් මෙම තීරණය දැනගත් වහාම ඊට එරෙහිව ක්‍රියාත්මක වී ඇති ප්‍රදේශයේ පොහොට්ටුව පක්ෂයේ නායකයින් විසින් ඉහළින් බලපෑම් කරවා පැය කිහිපයක් ඇතුළත පිළියන්දල පොලිස් බල ප්‍රදේශයට පනවා තිබූ හුදකලා තත්වය ඉවත් කරගැනීමට කටයුතු කර ඇතැයි වාර්තා වේ.
ඒ අනුව මේ වනවිට දැඩි අනතුරුදායක තත්වයක ඇති පිලියන්දල පොලිස් බල ප්‍රදේශයට පනවා තිබූ හුදකලාභාවය ඉවත් කර ඇති අතර හෙට (03) උදැසන 05.00 සිට ග්‍රාම නිළධාරි වසම් 10ක් පමණක් හුදකලා කරන බව කොරෝනා මර්දන කාර්ය සාධක බලකායේ ප්‍රධානී, හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි.
මේ අනුව පිළියන්දල පොලිස් බලප්‍රදේශයේ හෙට උදෑසන සිට හුදකලා කර ඇති ග්‍රාම නිලධාරී වසම් වන්නේ දම්පේ, බටකැත්තර උතුර, කැස්බෑව දකුණ, පැළැන්වත්ත බටහිර, මාකන්දන නැගෙනහිර, මාවිත්තර උතුර, මඩපාත, ගොරකාපිටිය, නාම්පමුණුව සහ පැළැන්වත්ත නැගෙනහිර යන ග්‍රාම නිලධාරී වසම්ය.










