දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග් හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර හමුවක් අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
ජනාධිපති කාර්යාලය වෙත පැමිණි චීන ආරක්ෂක අමාත්‍යවරයා ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර සහ විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ විසින් පිළිගෙන තිබේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් චීන ආරක්ෂක ඇමතිවරයා පවසා ඇත්තේ ගෝටාබය රාජපක්ෂ ජනාධිපතිවරයා සහ තමා අතර පැවති ද්විපාර්ශ්වික සාකච්ඡා බෙහෙවින් ඵලදායී බවත් දෙරට අතර පවතින සබඳතා මෙම සංචාරයෙන් තවත් ශක්තිමත් වූ බවයි.
ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී සෙන්හොන්, චීන මහජන හමුදාවේ ඒකාබද්ධ මාණ්ඩලික දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ප්‍රධානී හා ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අධ්යක්ෂ ජනරාල් ලුතිතන් ජෙනරාල් ෂාඕ යැන්ග්මින්, මේජර් ජනරාල්සි ග්ව්ඕවෙයි සහ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු මෙම ද්විපාර්ශ්වික සාකච්ඡාවට එක්ව තිබේ.













