නගරාධිපතිගෙන් නුවරඑළියේ අවුරුදු උත්සවයක්…

නගරාධිපතිගෙන් නුවරඑළියේ අවුරුදු උත්සවයක්…

නුවරඑලිය මහ නගර සභාවේ සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය එම මහ නගර සභාවේ නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) දින පස්වරුවේ නුවරඑලිය ග්‍රෙගරි වැව පරිශ්‍රයේදි පවත්වා තිබෙනවා.

නගර සභාවේ සේවක සේවිකාවන්ගේ සහභාගිත්වයෙන් පැවැත් වු සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවයේ තරග ඉසව් ගණනාවක්ද පවත්වා ඇති අතර, ඊට සිංහල හා දමිළ ජනතාව එක්වී තිබේ. මෙම අවුරුදු උත්සවය උප නගරාධිපතිනිය ඇතුලු නාගරික මන්ත්‍රී මණ්ඩලයේ හා නාගරික කොමසාරිස්තුමිය ඇතුළු කාර්යය මණ්ඩලය සහභාගී වී තිබේ.

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවයට පෙර නුවරඑලිය මහ නගර සභාව විසින් සංවිධානය කර තිබු නුවරඑලිය වසන්ත උදානයට දේශිය සංචාරකයන් විශාල පිරිසක් ද පසුගිය දින කිහිපය තුළ නුරඑලියට පැමිණ සිටි අතර, එසේ පැමිණි විශාල පිරිස් නිරෝධායන උපදෙස් නොතකමින් කටයුතු කර ඇති බව වාර්තා වේ. මෙම වසන්ත උදාන සැණකෙළියට ශිරන්ති රාජපක්ෂද එක්ව තිබිණි.

එසේම සති අන්ත දිර්ඝ නිවඩුවට නුවරඑලිය මහ නගර සභා සිමාවේ පිහිටි සියළුම නිවාඩු නිකේතන , සංචාරක හෝටල් සහ නවාතැන් පහසුකම් ලබාදෙන ස්ථානවල සංචාරකයන්ගෙන් පිරි ඇතැයිද වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn