අද මෙරටින් හමු වූ ආසාදිතයින් ගණන 880ක් – සමස්ත ආසාදිත ගණන ලක්ෂය ඉක්මවයි

අද මෙරටින් හමු වූ ආසාදිතයින් ගණන 880ක් – සමස්ත ආසාදිත ගණන ලක්ෂය ඉක්මවයි

අද (23) දිනය අවසන් වනවිට කොවිඩ් – 19 සාදිතයින් 880 දෙනෙකු මෙරටින් වාර්තාවී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය අනුව තහවුරු වේ.

එම ආසාදිතයින් 862දෙනාම වාර්තා වන්නේ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට සම්බන්ධ ආශ්‍රිතයන් ලෙසය.

අනෙක් 18 දෙනා වාර්තා වන්නේ බන්ධනාගාර ආශ්‍රිතවය.

මේ වනවිට වාර්තා වී ඇති සමස්ත නව කොවිඩ් – 19 පොකුර 94,963ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම මේ වනවිට ආසාදිතයින් 5,778 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබන අතර මේ වනවිට මෙරටින් හමුවී ඇති සමස්ත ආසාදිතයින් ගණන 100,571කි.

මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇතැයි නිල ලෙස නිවේදනය කර ඇති ආසාදිතයින් ගණන 642කි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්