කොරෝනා අස්සේ මැලේරියාවත් හිස ඔසවයි…

කොරෝනා අස්සේ මැලේරියාවත් හිස ඔසවයි…

මෙම වසරේ ගත වූ කාලයේදී මෙරටින් මැලේරියා රෝගීන් හත් දෙනකු හමුවී ඇති බවත් ඊයේ (22) දිනයේදීද එක් රෝගියෙකු වාර්තා වූ බවත් මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ, විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර පවසයි.

මේ අතරින් තිදෙනකු ශ්‍රී ලාංකිකයින් වන අතර අනෙක් සිවුදෙනා විදේශිකයින් බවද අධ්‍යක්‍ෂවරයා සඳහන් කරයි.

මෙම සියලු දෙනා අප්‍රිකානු රටවල සිට පැමිණි අය බවත්, ඊයේ හඳුනාගත් රෝගියා ලිබියාවේ සිට පා පන්දු තරඟාවලියක් සඳහා මෙරටට පැමිණ ඇති අයකු බවත් වෛද්‍යවරයා ප්‍රකාශ කරයි

මේ අතර පසුගිය වසරේද මෙරටින් මැලේරියා රෝගීන් 30 දෙනකු හමුවූ බව වෛද්‍ය ප්‍රසාද් රණවීර පවසයි.

ඔහු මේ බව පැවසුවේ මෙම මස 25 වැනිදාට යෙදෙන ලෝක මැලේරියා දිනය නිමිත්තෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී අද (23) පැවති සම්මන්ත්‍රණයක් අමතමිනි.

අප්‍රිකානු රටවල මෙන්ම ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකද මැලේරියා රෝගය පවතින බැවින් එවැනි රටවල සාමසාධක හමුදාවන් ලෙස මෙන්ම දඹදිව ආදී චාරිකාවල නිරතවන්නන් මැලේරියා රෝගයට ගොදුරුවීමේ වැඩි අවදානමක් පවතින බැවින් ඔවුන් ඒ ගැන අවදානයෙන් පසුවිය යුතු බවද අධ්‍යක්‍ෂවරයා කියා සිටියි.

මැලේරියා රෝගකාරකය වසරක් පමණ ශරීරය තුළ එය පවතින බැවින් අවදානම් රටවල සිට පැමිණෙන අය උණ රෝගයක් ඇතිවූ විට තමන් එවැනි රටක සංචාරය කළ බවට වෛද්‍යවරයා දැනුවත් කළ යුතු බවද ඔහු පවසයි.

විශේෂයෙන් උතුරු පළාතේ මැලේරියා වාහක ඇනෝපිලිස් මදුරුවා තවමත් ජීවත්වන බැවින් එම පළාතේ ජනතාව මේ ගැන අවදානයෙන් කටයුතු කළ යුතු බවත් ශ්‍රී ලංකාව මැලේරියා රෝගය තුරන් කළ රටක් වුවත් යළි අවදානමක් මතුවිය හැකි බවත් ඔහු සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn