කොවිඩ් තත්වය හේතුවෙන් මෙම අවස්ථාවේදී කිසිලෙසකින් රට වසා දැමීමක් හෝ සංචරණ සීමා පැනවීමක් නොකරන බව කොරෝනා මර්දන කාර්ය සාධක බලකායේ ප්‍රධානී, හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි.
ආසාදිතයන් වැඩි වශයෙන් හමුවන ප්‍රදේශ වසා දැමීම මේ වනවිටත් සිදුකර ඇති බවත් ව්‍යාප්තිය අනුව ගත යුතු පියවර ඉදිරියේදී ගන්නා බවත් ඔහු සඳහන් කරයි.
සති අන්තයේ නිවෙස්වල සිටින ලෙසත් සංවිධානය කර ඇති චාරිකාවල නිරතවීමෙන් වළකින ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටින බව කී හමුදාපතිවරයා කොවිඩ් ආසාදිතයකුවීමෙන් වැළකී සිටින්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද කියා සිටියි.
යුද හමුදාපතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
Views: 0










