සර් ෆේල්, සර් ෆේල් කියල මඩ ගහන්නේ ජනාධිපතිට – මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් හෙළිකරයි

සර් ෆේල්, සර් ෆේල් කියල මඩ ගහන්නේ ජනාධිපතිට – මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් හෙළිකරයි

“සර් fail , සර් fail” කියමින් විපක්ෂය මඩ ගහන්නේ ජනාධිපති ගෝටාබය රාජපක්ෂට බව පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් පවසයි. ජනාධිපතිවරයා රටේ ජනතාවත් සමත් කරගෙන ඉස්සරහට යාමේ වැඩපිළිවෙල මේ වනවිට සකස් කර ඇති බව නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේදී අද (22) පැවති මාධ්‍ය හමුවකදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

“ගෝටාබය රාජපක්ෂ මැතිතුමාට ගහන මඩක් තමයි “සර් fail , සර් fail” කියන එක. ඒක සමාජගත කරන්න විපක්ෂය උත්සහ කරනවා. පහුගිය ආණ්ඩුව විසින් කුජිත කරපු ආර්ථිකයත්, විනාශ කරපු රටත් ගොඩනැගිමේ වගකීම අතිගරු ජනාධිපතිතුමාට පැවරුණු වගකීමක්. ඒ ආර්ථිකය ශක්තිමත් කරගෙන මේ රටේ ජනතාවත් සමත් කරගෙන ඉස්සරහට යන්නට ජනාධිපතිතුමා මේ වෙද්දි අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරගෙන තිබෙනවා” යැයිද ඔහු එහිදී වැඩිදුරටත් පැවසීය.

Facebook
Twitter
LinkedIn