පදවිය රක්ෂිතයේ අක්කර 02ක භූමි ප්‍රමාණයක් අනවසරයෙන් එළි පෙහෙළි කළ පුද්ගලයෙකු ඊයේ (21) පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් සඳහන් කරන්නේ ශ්‍රී ලංකා පොලිසිය පරිසරයට සිදු කරන හානි සෙවීමට විශේෂ මෙහෙයුම් සිදු කරන බවත් පොලිසිය වනාන්තරය එළි පෙහෙළි කිරීම, අපද්‍රව්‍ය බැහැර කිරීම, කඩොලාන පරිසර විනාශ කිරීම සහ ජලය අපවිත්‍ර කිරීම ආදිය සම්බන්ධයෙන් නිරතුරුවම අවධානයෙන් සිටින බවය.
එහෙත් පරිසර වේදීන් සඳහන් කරන්නේ පොල්ලෙබැද්ද, දහයියාගම ඇතුළු රක්ෂිත ගණනාවක අක්කර සිය දහස් ගණන් විනාශ කරන සිදුවීම් ඇතත් එ් පිළිබඳව පොලිසියේ ඇස නොගැටීම විහිලු සහගත බවය.
Views: 0










