ආණ්ඩුවේ භික්ෂූන් වහන්සේලාත් බෙදෙති…

ආණ්ඩුවේ භික්ෂූන් වහන්සේලාත් බෙදෙති…

වර්තමාන ආණ්ඩුව බලයට පත්කිරීම සඳහා සුවිශාල කාර්යභාරයක් ඉටුකළ භික්ෂූන් වහන්සේලා කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත මූලික කරගනිමින් දෙපිළ බෙදී ඇති බව එම භික්ෂූන් වහන්සේලාගේ ප්‍රකාශවලින් තහවුරු වේ.

මෙම පනත් කෙටුම්පතට පක්ෂපාතිත්වය දක්වන සියලු දෙනා දේශද්‍රෝහීන් වන බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ දැඩිලෙස මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි. එසේම පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ, පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ ඇතුළු භික්ෂූන් වහන්සේලා රැසක්ද මෙම පනත් කෙටුම්පතට විරුද්ධව ප්‍රසිද්ධියේ කරුණු දැක්වීම සහ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කිරීම ඇතුළු ක්‍රියාමාර්ග මේ වනවිටත් ගෙන ඇත.

මේ අතර මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි ඇතුළු හිමිවරුන් මෙම පනත් කෙටුම්පතට පක්ෂව කරුණු ඉදිරිපත් කිරීමට පටන්ගෙන තිබේ. මෙම පනත් කෙටුම්පත මගින් ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වයට කිසිදු බලපෑමක් සිදුනොවන බව මැදගොඩ අභයතිස්ස හිමි ප්‍රකාශ කර තිබේ.

Facebook
Twitter
LinkedIn