ගෝටාබයගෙන් නාමල්ට තනතුරක්…

ජනාධිපති ගෝටාබය රාජපක්ෂ විසින් “ගම සමග පිළිසඳර ග්‍රාමීය සංවර්ධන ජනාධිපති කාර්යසාධක බලකාය” යන නමින් ජනාධිපති බලකායක් පිහිටුවා එහි සභාපතිවරයා වශයෙන් නාමල් රාජපක්ෂ ඇමතිවරයා පත් කර තිබේ.

මෙම කාර්යසාධක බලකාය පිහිටුවා ඇත්තේ ප්‍රේල් 09 වනදිනය. ගම සමග පිළිසඳර වැඩසටහනෙන් ආණ්ඩුව අපේක්ෂා කරන ඉලක්ක සපුරාගැනීම හා ජනතා අවශ්‍යතා කාර්යක්ෂම හා පලදායී ලෙස මෙහෙයවීම අරමුණුකරගෙන පිහිටුවන ලද බව අදාල නිල නිවේදනයේ සඳහන් වේ.

මෙම බලකාය ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් 15 දෙනෙකුගෙන් සමන්විත වේ. නිමල් ලන්සා, දිළුම් අමුණුගම, කාන්චන විජේසේකර, සීතා අරඹේපොළ, චන්න ජයසුමන, කාදර් මස්තාන්, කපිල අතුකෝරල, සංජීව එදිරිමාන්න, නිපුන රණවක, චාමර සම්පත් දසනායක, ටිරාන් අලස්, ගෙවිඳු කුමාරතුංග, ශිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්), චින්තක අමල් මායාදුන්නේ සහ ජයන්ත වීරසිංහ යන අය සේසු සාමාජිකයන් ලෙස පත්කර ඇත.

Facebook
Twitter
LinkedIn