කොවිඩ් – 19 පාලනය කිරීම සඳහා නෝර්වේ රාජ්‍ය තුළ පනවා තිබෙන නීති උල්ලංඝනය කරමින් උපන්දින සාදයක් පැවැත්වූ අගමැතිනි අර්නා සොල්බර්ග්ට එරෙහිව දඩ ගසා ඇති බව වාර්තා වේ.
පෙබරවාරි 26 වන දින 60 වන උපන්දිනය සැමරීම වෙනුවෙන් මෙම උපන්දින සාදය පවත්වා ඇති අතර ඊට පුද්ගලයින් 14 දෙනෙකු සහභාගී වී ඇති බව පැවසේ. කොවිඩ් පැතිරීම වැළැක්වීම සඳහා නෝර්වේ රාජ්‍ය තුළ පුද්ගලයින් දස දෙනෙකුට වඩා එක්රැස් වීම තහනම් කර තිබෙන පසුබිමක් තුළ මෙම උපන්දින සාදය පවත්වා තිබේ. කෙසේ වෙතත් මෙම උත්සවය සඳහා අගමැතිවරිය සහභාගී නොමැති බවද වාර්තා වේ.
අගමැතිවරියට එරෙහිව ක්‍රෝනර් 20,000 ක් (ඩොලර් 2,352) ක දඩයක් මෙලෙස නියම කර ඇති අතර ඒ පිළිබඳව අදහස් දක්වමින් “සෑම දිනකම නෝර්වීජියානු ජනතාව ඉදිරියේ සිටගෙන ආසාදන පාලනය ගැන ඔවුන්ට පවසන මම නීති රීති වඩා හොඳින් දැන සිටිය යුතුව තිබුණි. නමුත් සත්‍යය නම්, මම නීති රීති නිසි ලෙස පරික්ෂා කර නොමැති අතර, දස දෙනෙකුට වඩා වැඩි පිරිසක් සමඟ පවුලක් පිටතට යාම වැරදි සිදුවීමක් ලෙස සලකන බව නොදැන සිටීමයි. ”යනුවෙන් සොල්බර්ග් පවසා තිබේ.










