රුසියව සහ ඇමෙරිකාව අතර පවතින දේශපාලන ගැටුම තීව්ර කරමින් රුසියාවට එරෙහිව නව සම්බාධක පැනවීමේ යෝජනාවකට ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් අත්සන් තබා ඇති බව වාර්තා වේ.
සම්බාධක පැනවීමට හේතු ලෙස රුසියාව ඇමරිකාව තුළ ඔත්තු බැලීම, සයිබර් ප්රහාර සැලසුම් කිරීම සහ 2020 ජනාධිපතිවරණය සදහා බලපෑම් සිදු කිරීම බව ඇමෙරිකාව පවසා තිබේ.
සම්බාධක පැනවීමෙන් අනතුරුව ඇමරිකාව තුළ රුසියාව වෙනුවෙන් ඔත්තු බැලූ බවට චෝදනා කරමින් රුසියානු රාජතාන්ත්රිකයන් 10 දෙනෙකු ඇමරිකානු රජය විසින් නැවත රුසියාව බලා පිටුවහල් කර තිබේ. ඊට අමතරව ඇමරිකාව තුළ ක්රියාත්මක වන රුසියානු ආයතන 32ක ක්රියාකාරීත්වයද ඇමරිකාව විසින් අත්හිටුවා තිබේ.
Views: 0










