බැඳුම්කර වංචාව රවී ඇතුළු පිරිසට ඇප…

බැඳුම්කර වංචාව රවී ඇතුළු පිරිසට ඇප…

පැවති රනිල් + මෛත්‍රී පාලන සමයේ සිදු වූ බැඳුම්කර වංචාවේ රුපියල් බිලිය 15ක් වූ දෙවන වංචාවට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු මුදල් අමාත්‍ය රවී කරුණායක ඇතුළු 08 දෙනා ඇප මත මුදාහැරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කර තිබේ.

එමෙන්ම එම ප්‍රශ්නගත බැඳුම්කර වෙන්දේසියේ පළමු වංචාවට අදාළ ඇප ලබාදීම පිළිබඳ තීන්දුව අද පස්වරු 02.00ට ලබා දීමට නියමිතය.

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකට අමතරව මෙලෙස ඇප ලැබූවන් අතර පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂ අර්ජුන් ජෝශප් ඇලෝසියස්, එහි ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් ඕෂධී පළිසේන, එම සමාගමේ සේවකයින් වන චිත‍්‍රා රංජන් හුලුගල්ල, මුත්තුරාජා සුරේන්ද්‍රන් සහ පදුමනාදන් සහ ඉන්දික සමන් කුමාර නමැත්තන් සිටිති.
මෙම නඩුවේ විත්තිකරුවන් වශයෙන් නම් කොට සිටින ශ‍්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් සහ අජහාන් ගාර්දිය පුංචිහේවා නමැත්තන් අධිකරණය මගහැර විදේශගතව සැඟවී සිටිති.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්