තවත් පොලිස් හපන්කමක් එළිදකි – රු.5000 නොට්ටු ගිලින පොලිස් නිළධාරියෙක්

තවත් පොලිස් හපන්කමක් එළිදකි –  රු.5000 නොට්ටු ගිලින පොලිස් නිළධාරියෙක්

පුද්ගලයෙකුගෙන් අල්ලසක් ලබා ගනිද්දි එම ස්ථානයට පැමිණි අල්ලස් හෝ දූෂණ කොමිසමේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ මොහොතේ රුපියල් 5000 නෝට්ටු දෙකක් ගිල දැමූ පොලිස් නිළධාරියෙක් පිළිබඳව ගම්පහ ප්‍රදේශයෙන් වාර්තා වේ.
ගම්පහ ප්‍රදේශයේ පොලිස් ස්ථානයක සේවය කරන මෙම උප පොලිස් පරික්ෂකවරයා විසින් ගිල දැමූ රුපියල් 5000 නොට්ටු දෙක ලබා ගැනීම සඳහා ඔහුව ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කොට ඇති අතර ඊයේ (30) වන විටද මුදල් නොට්ටු ආපසු ලබා ගැනිමට අපහසු වී ඇතැයි රෝහල් ආරංචිමාර්ග පවසයි.

Facebook
Twitter
LinkedIn