සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සමයේ රට තුළ සහල් මිල වේගයෙන් ඉහළ යාම පාලනය කිරීමට ආණ්ඩුවට නොහැකිවී ඇති බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ පිළිගෙන තිබේ.
කෘෂිකර්ම රාජ්‍ය ඇමතිවරයා අද (31) ආණ්ඩුවේ දිනමිණ පුවත්පත සමග කර තිබෙන සම්මුඛ සාකච්ඡාවකින් මේ බව හෙළිවේ.
මාධ්‍ය වේදියා “මේ දිනවල පවතින සහල් මිල වැඩිවීම ගැන කතා කළොත් ?” යනුවෙන් නැගූ ප්‍රශ්නයට රාජ්‍ය ඇමතිවරයා ලබාදී තිබෙන පිළිතුර මෙසේය.
“මේ මුළු රටේම ලොකු සහල් මාෆියාවක් තිබෙනවා. ඒ මාෆියාවට ඕනතරම් සල්ලි තියෙනවා. ඒ වගේම සල්ලි වියදම් කරනවා. මේ සහල් මාෆියාවට ඕන තමන්ට ඕන ඕන විදිහට හාල් විකුණන්න පාලනය අතට ගන්න. රජය මොකද කරන්නේ. එහෙම හාල් මිල පාලනය අතට ගන්න යාන්ත්රණයට තහංචි දානවා. නීතියෙන් පාලන මිලක් දානවා. නීතිය ක්‍රියාත්මක කරනවා. දඩ ගහනවා. අත්අඩංගුවට ගන්නවා. නමුත් ඉතිහාසය පුරාම මේ වැඩේ කෙරුණාද නැහැ.” යනුවෙන් පිළිතුරු දී තිබේ.










