එරික් පෙරේරාට මීගමුව සහකාර පොලිස් අධිකාරී තනතුර

එරික් පෙරේරාට මීගමුව සහකාර පොලිස් අධිකාරී තනතුර

වෙන්නප්පුව ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරීවරයා ලෙස කටයුතු කරමින් සිටියදී ආණ්ඩුවේ දේශපාඥයින්ට අවනත නොවීම නිසා මාරුකළ බව පැවසෙන එරික් පෙරේරා  
මීගමුව ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරීවරයා ලෙස පත්කර ඇති බව වාර්තා වේ.

වෙන්නප්පුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීතිවිරෝධී ජාවාරම් වැටලීම සඳහා සහකාර පොලිස් අධිකාරීවරයා යටතේ විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවමින් එම ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කිරීම නිසා දේශපාලන උදහසට ලක්ව තිබිණ. මේ වනවිට එම විශේෂ පොලිස් ඒකකය විසිරුවා ඇති අතර ඊට අනුයක්තව සිටී පොලිස් නිලධාරීන් විවිධ පොලිස් ස්ථාන වෙත මාරුකර යවා තිබෙන අතර ඊට ප්‍රදේශයේ ජනතාවගේ බලවත් විරෝධයක් එල්ල විය.

එවන් වටපිටාවක සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා කොළඹ අපරාධ කොට්ඨාශයට මාරුකර පසුව මෙලෙස මිගමුව ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරිවරයා වශයෙන් පත් කොට ඇති බව වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn