ජිනිවාහිදී ලංකාව හිරකළ ඉන්දියාවේ පළාත් සභා උගුල ගැන තොරතුරු හෙළිවේ…

ජිනිවාහිදී ලංකාව හිරකළ ඉන්දියාවේ පළාත් සභා උගුල ගැන තොරතුරු හෙළිවේ…

පසුගිය 23වැනිදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේදී ලංකාවට එරෙහිව ගෙන ආ යෝජනාව සම්බන්ධයෙන් ඉන්දියාව ඡන්දය දීමෙන් වැළකී සිටිමින් ලංකාවට එල්ල කරන ලද බලපෑම පිළිබඳ තොරතුරු හෙළිවී තිබේ.

මෙරට ක්‍රියාත්මක පළාත් සභාවලට 1987දී සම්මත කර ගන්නා ලද 13වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ස්ථාපිත කර තිබෙන සියලු බලතල ලබාදෙන ලෙස ඉන්දියාව බලපෑම් කර ඇත. මේ සම්බන්ධයෙන් ඉන්දියාවේ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රකාශකයෙක් පැහැදිලි කර, නිකුත් කර තිබූ ප්‍රකාශය මෙසේය.

“ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13වැනි සංශෝධනයට අනුව කඩිනමින් පළාත් සභා මැතිවරණය පවත්වා ඒවාට කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක වීමට අවස්ථාව සැලසිය යුතු බව ඉන්දීය රජයේ ස්ථාවරයයි. ඉන්දියාව 2009 වසරේ සිට ශ්‍රී ලංකාවට සහන ලබාදී තිබෙනවා. එමෙන්ම පුනරුත්ථාපනය සහ නැවත පදිංචි කිරීමේ කටයුතුවලටද ඉන්දියාව සහාය ලබාදී තිබෙනවා. අපි ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා, විශේෂයෙන්ම උතුරු නැගෙනහිර පළාත්වල ජීවත්වන ජනතාවගේ ජීවනෝපාය සහ ආර්ථිකය පුනර්ජීවනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනවා.” යනුවෙන් කරුණු දක්වා ඇත.

වත්මන් රාජපක්ෂ පාලනය බලයට පැමිණියේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කොට 13වන සංශෝධනයේ ඇති පළාත් සභා අහෝසි කරනවාය යන පොරොන්දුව මත වන නමුත් මේ වනවිට ඉන්දියාවේ බලපෑම් හේතුවෙන් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කැසපොට කවමින් සිටී. මේ වනවිට පළාත් සභා මියගිය සුදු අලියෙකු බවට පත්ව ඇති අතර ඉන්දියාට අවශ්‍යව ඇත්තේ ලංකාවේ කන අඹරවා යලිත් එම සිදු අලියා ක්‍රියාත්මක කරවීමටය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්