O/L පෙළ අතරතුර කොවිඩ් ආසාදිත සිසුන් ගණන ඉහළට

අධ්‍යාපන අමාත්‍ය ජී.එල් පීරිස් පසුගියදා ප්‍රකාශ කළේ මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් කොවිඩ් – 19 ආසාදනය වී විභාගයට මුහුණ දුන් සංඛ්‍යාව 38ක් බවය.

කෙසේ වුවද මේ වනවිට පැමිණි PCR පරීක්ෂණවලට අනුව අපොස සාමාන්‍ය පෙළ සඳහා කොවිඩ් ආසාදනය වී විභාගයට මුහුණ දී තිබෙන සිසුන් ගණන 62 දක්වා ඉහළ ගොස් ඇති බව අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කරයි.

ඒ අනුව විභාගය අවසන්වන විට කොවිඩ් ආසාදිත තවත් සිසුන් 24 දෙනෙකු හඳුනාගෙන තිබේ.

Facebook
Twitter
LinkedIn