තවත් පුද්ගලික කර්මාන්තශාලාවක 11දෙනෙකුට කොරෝනා

තවත් පුද්ගලික කර්මාන්තශාලාවක 11දෙනෙකුට කොරෝනා

අක්මිමන ප්‍රදේශයේ පිහිටි පුද්ගලික කර්මාන්ත ශලාවක සේවකයින් 11 දෙනෙකුට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වි ඇතැයි මේ වනවිට හඳුනාගෙන ඇති බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ.සිංගාරච්චි පවසයි.

මින් එක් සේවකයකුගේ මංගල උත්සවය අක්මිමන ප්‍රදේශයේ පවත්වා ඇති අතර මනාලයා වන එම සේවකයාට කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවිම නිසා මංගල උත්සවයට සහභාගිවු 30 දෙනෙකු නිරෝධායනයට ලක්කිරිමට පියවරගෙන ඇත.

මංගල උත්සවය නිරෝධායන නිතිරිතිවලට අනුකුලව පවත්වා ඇති බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.

මෙකි කර්මාන්ත ශාලාවේ සේවය කරන මනාලයා වන සේවකයා සේවය කළ ගබඩා අංශයේ සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය විම නිසා මනාලයාද PCR පරික්ෂණයට ලක්කොට ඇත. ඔහු මනාලිය කැදවාගෙන සිය නිවසට එන දින PCR පරික්ෂණ ප්‍රථිපල ලැබි ඇති අතර ඒ අනුව මනාලයාට කොවිඩ් ආසාදනය වි ඇති බවට තහවුරුවි තිබේ.

මෙකි පුද්ගලික කර්මාන්ත ශාලාවේ සේවකයකුගේ දරුවෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති අතර ඉන් පසු එම සේවකයා PCR පරික්ෂණයකට ලක්කිරිමෙන් පසු ඔහුටද කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇත. ඉන්පසු මෙකි කර්මාන්ත ශාලාවේ සේවකයින් 17 දෙනෙකු PCR පරික්ෂණවලට ලක්කොට ඇති අතර ඉන් සේවකයින් 11 දෙනෙකුට කොවිඩ් ආසාදනය වි ඇති බවට තහවුරු වි තිබේ. කොවිඩ් ආසාදිත රෝගින් 11 දෙනා වැඩිදුර ප්‍රථිකාර සඳහා අම්බලන්ගොඩ පොල්වත්ත රෝහල වෙත යොමුකොට ඇති බවද ඒ මහතා පවසයි. එම සේවකයින්ගේ පළමුපෙළ ආශ්‍රිතයින් 46 දෙනෙකු නිවෙස්වල නිරෝධායනයට ලක් කිරිමට පියවරගෙන ඇති බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා වැඩිදුරටත් සදහන් කරයි.

Facebook
Twitter
LinkedIn