හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කළ වරෙන්තු ආපසු කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා නියෝග තිබේ.
ඒ ඇැය සිය නීතිඥවරිය මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වීම හේතුවෙනි.
2015 වසරේ තරුණයකු පැහැරගෙන ගොස් සිරකර තැබීම සම්බන්ධයෙන් ගොනු කර තිබෙන නඩුවක් අද (10) පෙරවරුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අධිකරණයේ පෙනී නොසිටි බැවින් ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා මහාධිකරණ විනිසුරුවරයා විසින් වරෙන්තු නිකුත් කරනු ලැබීය.
එහෙත් එම නියෝගය ප්‍රකාශයට පත් වී ස්වල්ප වේලාවකින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අධිකරණයට පැමිණ තිබේ.
ඒ අනුව විත්තිකාරිය වෙනුවෙන් නිකුත් කළ තිබු වරෙන්තුව ආපසු කැඳවීමට නියෝග කර ඇති විනිසුරුවරයා ඇය පෙර ඇප මත මුදාහැරීමට නියෝග කර ඇත.
නඩුව නැවත ජුනි මස 17 වනදා කැඳවීමට නියමිතය.









