ස්පාඤ්ඤය ගිණිගනී !

ස්පාඤ්ඤය ගිණිගනී !

PABLO Hasel විරෝධාකල්ප ගීත ගායනා කරනු ලබන රැප් ගායකයෙකි. පසුගිය පෙබරවාරි මාසයේ 16 වැනිදා ඔහු අත්අඩංගුවට ගෙන මාස නමයකට හිර දඩුවම් නියම කරනුයේ ත්‍රස්ත්‍රවාදය අනුමත කරමින් අදහස් පළකිරීම හා ස්පාඤ්ඤයේ පවතින ව්‍යවස්ථාදායක – රාජාණ්ඩු පාලනය හා පොලීසිය මාෆියා කණ්ඩායමක් ලෙස හඳුන්වමින් විවේචනය කරමින් ගීත ගායානා කිරීම යන චෝදනා යටතේ වේ. මෙම අත්අඩංගුවට පත්වීම නිසා ස්පාඤ්ඤය පුරා වීදි සටන් ඇවිලී ගියේය. විශාල ගණනක් අත්අඩංගුවට පත් වී ඇත. නිදහස් අදහස් ප්‍රකාශන අයිතිය ඉල්ලා ජනතාව දිනපතා පොලීසිය සමග ගැටේ.

2008 ආර්ථික අර්බුදය නිසා යුරෝපයේ ග්‍රීසියට පසුව ඉදිරියෙන්ම තිබු අනෙක් රටවනුයේ ස්පාඤ්ඤයයි. ස්පාඤ්ඤයේ බැංකු පද්ධතිය විසින්ද කිසිදු තෝරා බැලීමකින් තොරව වයස අවුරුදු 80 ඉක්මවූ පුද්ගලයන්ටද විචල්‍ය පොලි සහිත නිවෙස් මිලදී ගැනීමට ණය ලබා දීම හේතුවෙන් රටේ ප්‍රධාන කොටස් වෙළඳ පළේ ණය බුබුල පිපිරීයාමෙන් බලවත් අර්බුදයකට පත් විනි. ඉන්පසුව නැවත තම ආර්ථිකය සංචාරක ව්‍යාපාරය, ඖෂධ, මෝටර් රථ අමතර කොටස්, වැනි කේෂ්ත්‍ර වල ඇති කරගන්නා ලද ප්‍රගතිය මත මදක් හිස එසවීමට සමත්වුවත් කොරෝනා වසංගතය හේතුවෙන් නැවතත් දැවැන්ත ආර්ථික අර්බුදයකට ඇද වැටී ඇත. විශේෂයෙන් මෙම ආර්ථික හා වසංගත අර්බුදයන් නිසා රටේ ප්‍රාදේශීය මට්ටමින් තවදුරටත් නොවිසිඳි ඇති ජාතික ප්‍රශ්න වන බාස්ක්, කැතලූණ, ගලිස් බෙදුම්වාදී ව්‍යාපාර ශක්තිමත් වීම නිසාත් රට කොටස් කීපයකට බෙදීයාමේ කඩ ඉමකටද පැමිණ ඇත. මේ වනවිට ස්පාඤ්ඤයේ රැකියා විරහිතභාවය 24.4% ක් වේ. ණය ප්‍රමාණය 97.1%PIB වේ.

මේ වනවිට රටේ ප්‍රධාන බෙදුම්වාදී ව්‍යාපාරය බවට පත්ව ඇත්තේ කැතලුන් භාෂාව කතා කරන කාර්මික අතින් ශක්තිමත් කැතළුන්ය ප්‍රදේශයයි. PABLO HASELද කැතලුන් බස කතාකරන කලාකරුවෙක් වුවත් ඔහු ස්පාඤ්ඤ භාෂාවෙන්ද ගීත ගායනා කරනු ලබයි. ඔහුද කැතලුණයට නිදහස වෙනුවෙන් පෙනී සිටියද ඔහු තම විරෝධතාවය එල්ල කරනුයේ සමස්ථ රාජාණ්ඩුවට එරෙහිව වේ. මේ දක්වා පැවැත්වූ මැතිවරණවලදීත් ස්පාඤ්ඤයෙන් වෙන්වී වෙනම කැතලුණ රටක් බිහිකිරීම සඳහා ඇති එහි වෙසෙන සුළුතර ජනතාවගෙන් කැමැත්ත ඇත්තේද 50%ක් පමණකි.

බහුතරයක් ස්පාඤ්ඤ ජාතිකයන් කැතලුණය වෙනම නිදහස් රාජ්‍යයක් ලෙස පිළිගැනීමට සුදානම් නැත. ජාතින් සතු ස්වයං තීරණ අයිතිය නමැති සංකල්පය මත ස්පාඤ්ඤයේ වමේ පක්ෂද ස්පාඤ්ඤයේ ව්‍යවස්ථාදායක රාජාණ්ඩුව මත රුසියාවේ සාර් වැනි වැඩවසම් පාලනයක් ලෙස සලකා කැතළුනයේ වෙන්වීමේ අයිතිය පිළිගැනීමට යාමෙන් බහුතර ස්පාඤ්ඤ ජාතිකයින් අන්ත ජාතිවාදයකට ඇදීයාමේ ප්‍රවණතාවයද මේ අතර ඉහල ගොස් ඇත. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී අන්ත ජාතිවාදී VOX පක්ෂය 18% ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීමට සමත්වනුයේ ඒකීයභාවය ආරක්ෂා කිරීම නමැති සටන් පාඨය ඉදිරිපත් කිරීම ඔස්සේය.

PABLO HASEL අත්අඩංගුවට පත්කිරීම මේ දක්වා බෙදුම්වාදය නිසා බෙදී සිටි ජනතාව එක පෙරමුණකට ගෙන ඒමට සමත් වී ඇත. ස්පාඤ්ඤය පුරා රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ ඇවිලී ගියේ සමස්ථ රටේම ජනතාව ව්‍යවස්ථාදායක-රාජාණ්ඩු පාලනයට එරෙහිව පොදු අරගලයකට අවශ්‍ය පරිසරය නිර්මාණය කරලමිනි. යුරෝපයේ හා ලොව පුරා ප්‍රසිද්ධ වී ඇති නව වමක් ලෙස හඳුන්වන PODEMOS ගේ සහභාගිත්වයෙන් ගොඩනගාගෙන ඇති වර්තමාන සභාග රජයද මේ වනවිට PABLO HASEL සිර ගත කිරීම පිළිබඳව මතවාදී ලෙස බෙදී ගොස් ඇත. ස්පාඤ්ඤයේ පවතින ව්‍යවස්ථාදායක-රාජාණ්ඩු පාලනය රුසියාවේ වැඩවසම් සාර් පාලනයට සමාන කිරීම විහිළුවක් වන අතර ස්පාඤ්ඤය ලිබරල් එක්සත් යුරෝපයේ සාමාජික රටක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ශක්තිමත් වූ පුද්ගලික දේපල ක්‍රමය සංවර්ධනය වූ රටක් විනා තවදුරටත් වැඩවසම් දේපල ක්‍රමයක් පවතින රටක් නොවේ. ඒ අනුව රටේ සමස්ථ ජනතාවටම විමුක්තිය දිනාගත හැක්කේ එක්ව සිදුකරන පොදු අරගලයකින් විනා බෙදුම්වාදය ඔස්සේ බෙදීයාමෙන් නොවන බව දේශපාලන විචාරකයින්ගේ අදහසයි.

Facebook
Twitter
LinkedIn