ලක්ෂපාන බලාගාරයේ සේවකයින් 10 දෙනෙකුට කොවිඩ්

ලක්ෂපාන බලාගාරයේ සේවකයින් 10 දෙනෙකුට කොවිඩ්

ලක්ෂපාන ජලවිදුලි බලාගාර සංකීර්ණයේ සේවකයින් 10කට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

එහි සේවකයින් තිදෙනෙකු කොවිඩ් ආසාදිතයින් බව හඳුනාගැනීමෙන් අනතුරුව ඊයේ (05) දින ඔවුන්ගේ ආශ්‍රිත සේවකයින්ගේ රැපිඩ් අන්ටිජන් පරික්ෂාව සිදුකර ඇති අතර එහිදී තවත් ආසාදිතයින් 07 දෙනෙකු හඳුනා ගෙන ඇති බව සඳහන්.

බලාගාරයේ සේවය කරනු ලබන සේවකයින් 140 දෙනාටම ඊයේ දිනයේ එම ඇන්ටිජන් පරීක්ෂාව සිදුකර ඇති අතර ආසාදිතයන් බව තහවුරු වූ සේවකයින්ගේ සමීප ආශ්‍රිත සේවයකයින් 41 දෙනෙකු ලක්ෂපාන ජලවිදුලි බලාගාර සංකිර්ණයේ සේවක නිල නිවාසවලම මේ වනවිට ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බව පැවසේ.

Facebook
Twitter
LinkedIn